spot_img
spot_imgspot_img

“රෝගී රටට සැත්කමක් කරනවා. රාජපක්ෂ ප්‍රතිපත්ති වෙනස් කරනවා” අගමැති BBC සාකච්ඡාවේ දී කියයි

පුවත්

විදෙස්

රාජපක්ෂ රජයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට තමන් සූදානම් බවත් පළමුව මේ ආර්ථිකයේ දරුණු තත්වය සෙවිය යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ බීබීසී ලෝක සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේය.

ඔහු එහි දී කියා සිටියේ රටේ සාගතයක් ඇති වීමට තමන් ඉඩ නොතබන බවයි.

“ආර්ථික තත්වය ඉතාමත් දරුණුයි. මේ දරුණු බව ගැන සෙවිය යුතුයි. කිසිම කෙනෙක් ළඟ මේ ගැන සම්පූර්ණ විස්තර නැහැ. ඒක වෛවද්‍යවරයෙක් පළමුවරට රෝගියකුට ශල්‍යකර්මයක් කරනවා වගේ. අපිට ප්‍රශ්න තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අපි සම්බන්ධ වෙන්න ඕනෑ. මේ වසරේ මුදල් සෙවිය යුතුයි.”

“මම ඒ සඳහා අපේප මිත්‍ර රාජ්‍යයන් සමඟ සාකච්ඡා කරනවා. අපට උපකාර කිරීමට මෙන් ම මූල්‍ය අරමුදල් ලබාගැනීමට, ඒ සඳහා විදේශ ආයෝජන රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කරගන්න ඕනෑ”

අද සවස්වන විට ඉන්ධන සම්බන්ධ තත්වය මට දැනගත හැකියි. මම හිතන්නේ නැහැ ඉන්ධන විශාල ප්‍රමාණයක් ලංකාවේ තිබෙනවා කියා. ඒ සඳහා අපි විසඳුම් සෙවිය යුතුයි.

ඉන්දියාව අපිට උපකාර කරමින් සිටිනවා. නමුත් අපිප ජපානය, දකුණු කොරියාව සමඟත් සාකච්ඡ ාකරනවා. අපේ වත්කම් ක්ෂය වෙමින් තිබෙනවා. තත්වය හොඳ අතට හැරෙන්න පෙර තත්වය නරක අතට හැරේවි. අපි මේ සම්බන්ධව සියලු කරුණු සොයා බලනවා. ඉන්පසු ශ්‍රී ලාංකීය ජනතාවට ප්‍රකාශ කරනවා ඉදිරි මාස කිහිපයේ දී ‍ේම තත්වයෙන් ගොඩඒමට අපි ගන්නා සැළසුම් පිළිබඳව ජනතාවට අවශ්‍ය ඖෂධ, ආහාර සහ ඉන්ධන ගඩිනමින් ලබාගැනීමට හැකිවේ යැයි මම සහතික වෙනවා. ඒ සඳහා අපි ජාත්‍යන්තරයෙන් උදව් ගැනීමට සාකච්ඡා සිදුකරනවා. “

මෙහි දී සම්මුඛ සාකච්ඡාව පැවැත්වූ මාධ්‍යවේදිනිය විමසා සිටියේ “ඔබට අවශ්‍ය උපකාර ඉන්දියාව, ජපානය සහ ඔබ සඳහන් කළ රටවලින් නොලැබුණොත් සාගතයක් ඇතිවන බවට මත පළවෙනවා නේද ?” යනුවෙනි.

එයට පිළිතුරු දුන් අගමැතිවරයා මෙසේ කීවේය.

“කෙසිනකවත් සාගතයක් ඇතිවෙන්නේ නෑ. අපි කෙසේ හෝ ආහාර සපයා ගනු ලබනවා. මම ඒ රටවල් සමඟ සාකච්ඡා කළ පසු උදව් ලැබෙනවා ඔවුන් ජනතාව කුසගින්නේ තැබීමට කටයුතු කරන්නේ නෑ”

මාධ්‍යවේදිනිය – ගෝඨාගෝ ගම සිටින විරෝධතාකරුවන් ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරයා ඉවත් විය යුතු බවයි. ඔබ ඇයි එකඟවුණේ ඔහු සමඟ කටයුතු කරන්න.

“අගමැතිවරයා තෝරාගන්නේ පාර්ලිමේන්තුවෙන්. පාර්ලිමේන්තුවේ සිටින දෙපාර්ශවයට ම මාව අගමැති ලෙස වුවමනායි. ආරථිකය නිසි මඟට ගැනීමට. රාජපක්ෂ රජයේ බොහෝමයක් ප්‍රතිපත්ති මම වෙනස් කරන්න සූදානම් වෙනවා. මට අවශ්‍ය නෑ ගිනුම් පරීක්ෂා කරන්න. මට අවශ්‍ය මේ තත්වයේ දරුණු බව සෙවීමයි. ආර්ථකි කටයුතු කරන ආකාරය මහ බැංකුව සතුව කොපමණ ප්‍රමාණයක් පවතී ද යන්න මට අවශ්‍ය නැහැ. ගිනුම් අකර්මන්‍යයි. මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් IMF සමඟ සාකච්ඡා කරනවා. නමුත් ආර්ථිකය තවමත් ක්‍රියාත්මක නෑ. ඒක අකර්මන්‍යයි. බිඳ වැටිලා. මම ශ්‍රී ලාංකීය ජනතාවට කියන්න කැමතියි. ඉවසන්න. මම නැතිවුණු දේවල් නැවත ගෙන එන්නම්. මට ජාත්‍යන්තරයට පැවසීමට ඇත්තේ අපි නැවත අපේ දෙපයින් නැගී සිටීමට සූදානම් බවයි. අපට වසරක කාලයක් සඳහා ඔබේ උපකාරය අවශ්‍යයි. ඔබෙන් ලබාගත් සෑම දෙයක් ම අපි නැවත ගෙවීමට සූදානම්.”

මේ අතර බීබීසී සිංහල සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ මුදල් මුද්‍රණය කිරීම තම ප්‍රතිපත්තිය නොවූව ද රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා මුදල් අච්චුගැසීමට සිදුවන බවයි.

“දැනට මුදල් මුද්‍රණය කරන්න සිදුවෙනවා. නොකෙරුවොත් රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න බැරි වෙනවා. අපි මේ මුහුණ දී තිබෙන්නේ ඉතිහාසයේ උග්‍රතම ආර්ථික අර්බුදයට. මං හිතන්නේ නෑ සුද්දාගේ කාලෙවත්, ඕලන්ද කාලෙවත් අපිට මෙහෙම ආර්ථික කඩා වැටීමක් සිදුවුණා කියලා. මේ තමයි අපිට අමාරුම අවුරුදුද. විදේශ විනිමය නෑ. ආණ්ඩුවට ආදායම් නෑ.  විදේශ විනිමය සමඟ ව්‍යාපාර කරන්නේ නෑත්නම් ආදායම් තවදුරටත් අඩු වෙනවා. දැනට අපට ඩොලර් බිලියන තුනක් පමණ හදිසියේ වුවමනායි. මේක ලබාගැනීමම තමයි අපිට තියෙන පළමුවෙනි අභියෝගය. ඒක කරන්න තමයි මං දැනට ක්‍රියාකරන්න බලන්නේ. අපි පෝලිමි නැති කරන්න ඕ‍නේ. සාමාන්‍ය ජීවිතය යළි ඇතිකරන්න ඕනේ” යැයි අගමැතිවරයා කීවේය.

BBC සිංහල සේවය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව

https://www.facebook.com/BBCnewsSinhala/videos/965449180809477

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!