ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඇතුළු දූත පිරිස නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ සිට විශේෂ ගුවන් යානයකින් අද (27) රාත්‍රි 7.35 ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියහ.
ඇමෙරිකා රාජ්‍ය ලේකම් වරයා හෙට (28) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට එක්වීමට නියමිතය. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා විදේශ අමාත්‍යාංශයේ දී හමුවක් පැවැත්වෙන අතර ඉන්පසු ඇමෙරිකා දූත පිරිස හා ඒකාබද්ධ පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඉන් අනතුරුව රාජ්‍ය ලේකම්වරයා ඇතුළු දූත පිරිස කොච්චිකඩේ පල්ලියට ගොස් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූවන්ට හා විපතට පත්වූවන්ට ගෞරව දැක්වීමට ද නියමිතය.
ශ්‍රී ලංකා සංචාරය නිම කිරීමෙන් පසු දූත පිරිස හෙට (28) මාලදිවයිනට පිටත්ව යනු ඇත.