ගාල්ල, මාතර, හම්බන්තොට තවත් ආසාදිතයන් 03ක්

0
341

ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක තුනෙන් අද (27) කොරෝනා ආසාදිතයන් තිදෙනකු වාර්තා වූ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

ගාල්ල බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාී කොට්ඨාසයේ ගිංතොට ප්‍රදේශයෙන් එක් ආසාදිතයකු වාර්තා වී ඇති අතර ඔහු පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණය හා සම්බන්ධ වූ අයෙකි.

මාතර මඩිහ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති ආසාදිතයා කොළඹ හෝටලයක සේවකයකු වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොඩවාය ප්‍රදේශයෙන් තවත් රෝගියකු වාර්තා වී තිබේ. ඔහු ටලිකොම් සමාගමට සේවා සපයන වෙනත් පුද්ගලික සමාගමක සේවකයකු බව ද සෞඛ්‍ය අංශ පවසයි.

මේ වනවිට එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකර ඇතැයි ද සෞඛ්‍ය අංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here