spot_img
spot_imgspot_img

“අගමැති ධූරය දෙන්න” සජිත් ජනපතිගෙන් ඉල්ලයි

පුවත්

විදෙස්

තමන් අගමැති ධූරය බාරගැනීමට සූදානම් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (12) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර තිබේ.

ඔහු අද මෙම ලිපිය යොමුකර ඇත්තේ අද සවස රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස දිවුරුම් දෙන බවට තොරතුරු පැතිරයාමත් සමගිනි.

ආර්ථික අර්බුදය හමුවේ පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්වාධීන වීමත් සමඟ එම කණ්ඩායම් මෙන් ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද අගමැති ධූරය බාරගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලීම් කර තිබිණි. නමුත් එම ඉල්ලීම් ඔහු ප්‍රතික්ෂේප කළේය.

පසුව අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසුව ද සජිත් ප්‍රේමදාසට අගමැතිධූරය බාර ගන්නා ලෙස කියූව ද ඔහු එය ප්‍රතික්ෂේප කර තිබිණි. ඒ අනුව ඊයේ (11) ජනාධිපති සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ පැවැති පැය තුනකට ආසන්න සාකච්ඡාවකින් පසු රනිල් වික්‍රමසිංහ අගමැති ධූරය බාර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර තිබිණි.

මේ අතර සමගි ජන බලවේගයේ කණ්ඩායමක් ද රනිල්ට සහයෝගය දීමට තීරණය කර තිබිණි.

හරීන් ප්‍රනාන්දු ඊයේ (11) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමන් ස්වාධීන වන බවයි. එයට හේතු ලෙස ඔහු දැක්වූයේ මේ ආර්ථික, දේශපාලනික හා සමාජ අර්බුදය විසඳීමේ දී තම පක්ෂය ද කල් අරිමින් සිටීම බරපතල ගැටලුවක් හේතුවෙන් විසඳුමක් ලබාගැනීම සඳහා එසේ කරන බවයි.

අද ජනාධිපතිවරයාට ලිපියක් යවන සජිත් ප්‍රේමදාස තමන් අගමැති ධූරය බාර ගන්නට කැමති බව දන්වා ඇත. නමුත් මේ වනවිට සමගි ජන බලවේගය දෙකඩ වී ඇති අතර එක් කොටසක් තවදුරටත් විපක්ෂයේ රැඳී සිටින බව දන්වා ඇත. අනෙක් කණ්ඩායම රනිල් වික්‍රමසිංහට සහය දක්වන බව පවසා තිබේ.

විපක්ෂ නායකවරයා යොමුකර ඇති ලිපියට ඊයේ සමගි ජන බලවේගය විසින් නිකුත්කර තිබූ නිවේදනයක තිබූ කරුණු සංශෝධන සහිතව ඇතුළත් කර තිබේ.  

1 COMMENT

  1. ලැජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුයි ලු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!