-0.4 C
New York

සිරිපා ගමටත් කොරෝනා යයි. තවත් ගම් රැසක් හුදකලා කරයි

Published:

කොරෝනා රෝගීන් වාර්තාවීම හේතුවෙන් ගම්මාන කිහිපයක් හුදකලා කිරීමට කටයුතු කළ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

රත්නපුර පලාබැද්ද ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් නමයක් ද හුදකලා කර තිබේ. ගිලීමලේ, උතුරු ගිලීමලේ, දකුණු ගිලීමලේ, කැටවල, ශ්‍රි පලාබැද්දල, මල්වල, සිරිපාගම, ඇඹුල්දෙණිය සහ මාතලාන යන ග්‍රාම සේවා වසම් නමය මෙලෙස හුදකලා කර තිබේ. රත්නපුරයේ සිට පෑලියගොච මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය හා සම්බන්ධ වූ පුද්ගලයකුගේ පවුලේ මාස නමයක බිළිඳකු ඇතුළු පවුලේ 07 දෙනකුට ම කොරෝනා ආසාදනය වී තිබේ.

ඊට අමතරව අවිස්සාවේල්ලේ දෙහිඔ්විට ප්‍රදේශයේ ගම්මාන පහක් හුදකලා කිරීමට පොලිසිය කටයුතු කර තිබේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ ඉහළ තල්දූව, පහළ තල්දූව, දෙහිඔ්විට, ඇපලපිටිය හා තිඹිරියාපොළ යන ගම්මාන මෙසෙ හුදකලා කර ඇති බවයි.

මෙම ගම්මාන හුදකලා කිරීමට හේතුවී ඇත්තේ ද පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය හා සම්බන්ධ වූ පුද්ගලයන් එම ප්‍රදේශවලින් වාර්තාවීමයි.

පානදුර කෙසෙල්වත්ත පොදු වෙළෙඳ සංකීර්ණයේ මාළු වෙළෙන්දකුට කොරෝනා ආසාදනය වී ඇති බැවින් කෙසෙල්වත්ත පොදු වෙළඳ සංකීර්ණය හුදකලා කර ඇත.

මේ වනවිට පානදුර උතුර සහ දකුණ ප්‍රදේශවලින් ද කොරෝනා ආසාදිතයන් 12 දෙනකු වාර්තා වී තිබේ.

Related articles

Recent articles

spot_img