“ඇමෙරිකා දූත පිරිසට නිරෝධායන නෑ” – වසංගත රෝග ප්‍රධානී

0
89

ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස දින 14ක නිරෝධායනය කිරීමට අවශ්‍ය නැතැයි වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

එම පිරිස පැමිණ මෙරට රැඳී සිටින කාලය පැය 24කට අඩු බවත් ඔවුන් මුණ ගැසෙන්නේ සීමිත පිරිසක් බවත් මේ නිසා ඔවුන් නිරෝධායන කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව වෛද්‍යවරයා කීවේය. එමෙන් ම ඔවුන් ඇමෙරිකාවෙන් පිටත්වීමට පෙර කොරෝනා පරීක්ෂණයක් සිදුකර ඇති අතර මෙහි පැමිණි විට සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන බවත් හෙතෙම පවසයි.  

පසුගිය දා ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ගිනිගත් නෞකාව මුදා ගැනීමේ මෙහෙයුම සඳහා විදෙස් රටවල උපකාර ලබා ගැනීමට සිදුවූ බවත් ඒ සඳහා පැමිණි විදේශිකයන් නිරෝධායනය කළා නම් නැව ගිනිබත්වන බවත් ඔහු සිහිපත් කළේය.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇතුළු ධූත පිරිස ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාවේ සංචාරය කිරීමෙන් අනතුරුවය. මේ වනවි කොරෝනා ආසාදියන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූ රටවල් අතර ඇමෙරිකාව පළමු ස්ථානයේ රැඳී සිටින අතර දෙවැනි තැනට පත්ව ඇත්තේ ඉන්දියාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here