spot_img
spot_imgspot_img

මුල්ලේරියාවේ පොලිස් වෙඩි තැබීමකින් අයෙකුට තුවාලයි

පුවත්

විදෙස්

මුල්‍ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජීප් රථයට අද (10) සවස පහර දී ගිනි තැබීමට තැත්කළ පිරිසක් පළවාහැරීමට වෙඩි තැබීමට සිදුවූ බවත් එහි දී එක් පුද්ගලයකු තුවාල ලබා ඇති බවත් පොලිසිය පවසයි.

අඹතලේ ඉන්ධන පිරවුම්හළ අසළ දී ඊයේ (09) සවස පහර දී හානිකර තිබූ බසයක් යුද හමුදාව විසින් ඉවත්කිරීමට යාමේ දී පිරිසක් ඊට බාධාකරමින් එම රථයට ගිනි තබා ඇත. ඒ බව යුද හමුදාව විසින් දැනුම් දීමත් සමඟ මුල්ලේරියාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිමල් සුසන්ත එහි ගිය අවස්ථාවේ දී එහි සිටි පිරිසක් පොලිසියට ද විරෝධය දක්වා ජීප් රියට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර එම රථය ද ගිනි තැබීමට උත්සාහ ගෙන ඇතැයි පොලිසිය පවසයි.

එම අවස්ථවේ දී පිරිස පළවාහැරීම සඳහා පොලිසිය වෙඩි තබා ඇති අතර එක් අයකු තුවාල වී ඇතැයි පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!