-5.9 C
New York

“දකුණේ ආණ්ඩුකාරවරයා ආගිය අතක් නෑ. කාර්ය මණ්ඩලයෙත් කවුරුත් නෑ” අණබෙර වයා කියති (වීඩියෝ සහිතයි)

Published:

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ අතුරුදන් වී ඇතැයි ද දුරකථනයට හෝ ඇමතුමක් ගත නොහැකියැයි ද ඔහුට ලිපියක් භාරදීමට ගිය දකුණේ පුරවැසියන් දෙදෙනකු චෝදනා කරති.

ගාල්ලේ අරගල භූමියේ සිට මේ දෙදෙනා ආණ්ඩුකාර විලී ගමගේ හමුවීටම ගොස් ඇත්තේ මයිනාගෝ ගමට සහ ගෝඨාගෝ ගමට ප්‍රහාර එල්ල කළ අයුතු ජනරාශියක් ඇතිකළ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමේ ලිපියක් භාර දීමේ අරමුණෙනි.

ඔවුන් පවසන්නේ ජනාධිපතිවරයාගේ දකුණේ නියෝජිතයා වන්නේ දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ බැවින් ඔහු හමු වී එම ලිපිය භාරදීමට ආණ්ඩුකාර කාර්යාලයට පැමිණි බවයි. ඒ වනවිට ඔහු එහි නොසිටි බව ද රජයේ වියදමින් බිල්පත් ගෙවන දුරකථනය ද විසන්ධි කර ඇතැයි ද මේ දෙදෙනා චෝදනා කරති.

ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයේ කිසිවෙකු නැතැයි ද ඔවුහු කියති.

එසේ වුව ද ඔවුන් ආණ්ඩුකාරවරයා හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔහුගේ කාර්යාලයේ රැඳී සිටිය දී ආණ්ඩුකාර කාර්යාලයේ පුද්ගලයකු පැමිණ ඔවුන් සමඟ පැමිණ සිටි මාධ්‍යවේදියකුගේ යතුරු පැදියේ අංකය “සර්” “සර්” කියමින් කිසියම් පුද්ගලයකුට කියූ බවත් “හරි සර් අපි මෙයාලව අයින් කරන්නම්” යනුවෙන් පවසා නික්ම ගිය බවත් ඔවුන් චෝදනා කරයි.

Related articles

Recent articles

spot_img