රෝහලෙන් පැන යන බවට ආසාදිතයන් පිරිසකගෙන් තර්ජන

0
111

දිවුලපිටිය රෝහලේ සිටින කොරොනා ආසාදිතයන් පිරිසක් වැඩි පහසුකම් ඉල්ලා කළහකාරී ලෙස කටයුතු කරන බවට රෝහල් බලධාරීන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට හා පොලිසියට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මෙම රෝහලේ කොරෝනා ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයන් 102ක් නේවාසිකව සිටින අතර ඉන් 15ක පමණ පිරිසක් මෙලෙස හැසිරී ඇත. ඔවුන්ට රෝහලෙන් දෙන ආහාර කෑමට නොහැකි බවත් රසවත් ආහාර අවශ්‍ය බවත්, නාන කාමර පහසුකම් ප්‍රමාණවත් නොමැති බවත් පවසමින් දිගින් දිගටම කාර්ය මණ්ඩලය සමග ගැටුම් ඇතිකර ගැනීමට උත්සාහ ගන්නා බව පවසයි.

රෝහල් බලධාරීන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට හා පොලිසියට දැනුම් දී ඇත්තේ තමන්ට සුදුසු පහසුකම් නොලැබෙන්නේ නම් රෝහලින් පැන යන බව පවා මෙම කණ්ඩායම පවසන බවයි. ඔවුන් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ද රෝහල් බලධාරීන් විසින් ඉල්ලීමක් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here