spot_img
spot_imgspot_img

“අපි රටින් පලා යන්නේ නැහැ” නාමල් රාජපක්ෂ කියයි

පුවත්

විදෙස්

“අපි රටින් පලා යන්නේ නැහැ. මගේ තාත්තා මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉවත්වෙන්නෙත් නෑ. ඒ වගේම මීළඟ අගමැතිවරයා තෝරා ගැනීමේ දී ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීටම අවශ්‍යයි.” යැයි නාමල් රාජපක්ෂ අද (10) AFP පුවත් සේවය සමඟ ප්‍රකාශ කර තිබේ.

ඔහු පවසන්නේ මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් ආණ්ඩු විරෝධී විරෝධතාකරුවන්ට පහරදීමෙන් පසු ප්‍රචණ්ඩත්වය ඇවිලුණු ඊයේ දිනයේ අගමැතිධූරයෙන් ඉවත් වුව ද රටින් පලා නොයන බවයි.

ඊයේ (09) රාත්‍රී අගමැති නිල නිවස වටලනු ලැබීමෙන් පසු හමුදා නිලධාරීන් විසින් හිටපු අග්‍රාමාත්‍යවරයා එම ස්ථානයෙන් ඉවත්කිරීම සිදුකළ බවත් ඔහුගේ පුත්‍රයා පවසා තිබේ.

“අපි රටෙන් යන්න යනවා කියලා කටකතා ගොඩක් තියෙනවා. අපි රට හැරදාලා යන්නේ නෑ.” අපේ පවුලට එරෙහිව මේ විදියට විරෝධයක් ඇතිවීම ඇත්තටම නරක දෙයක්.

ඔහු වැඩිදුරටත් එහි දී පවසා ඇත්‍තේ මහින්දට, තම අනුප්‍රාප්පතිකයා තෝරාගැනීමේ දී ක්‍රියාකාරී භූමිකාවක් ඉටුකිරීමට අවශ්‍ය බවයි.

එමෙන් ම අරලියගහ මන්දිරයේ ප්‍රවේශ දොරටු විරෝධතා කරුවන් විසින් කඩා දැමීමෙන් පසු මහින්ද රාජපක්ෂ ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගිය බව ද නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසයි.

“මගේ පියා ආරක්ෂිතයි. ඔහු ආරක්ෂිත ස්ථානයක සිටිනවා. පවුලේ අය සමඟ අදහස් හුවමාරු කරගනිමින් සිටිනවා.” යනුවෙන් ද ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!