6000ක් සමඟ නිවාස සංකීර්ණයක් හුදකලා කරයි

0
105

මට්ටක්කුලිය ‘සමිත් පුර’ මහල් නිවාස සංකීර්ණය හුදෙකලා කිරීමට කටයුතු කල බව කොවිඩ් – 19 පැතීරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මෙම නිවාස සංකීරණයේ හය දහසක් පමණ පිරිස සමග ම හුදෙකලා කිරීමට ලක්කර ඇති බවත් ඒ සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් පොලීසිය සහ හමුදාව එක්ව සිදුකරන බවද යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙම මහල් නිවාස සංකීර්ණයේ පිරිස් වලට බාහිර සමාජය සමග කිසිදු සමීප සම්බන්ධතාවයකට අවස්ථාවක් නැත.

එමෙන්ම බ්ලූමැන්ඩල් සහ කොටහේන යන ප්‍රදේශ සම්බන්ධයෙන්ද දැඩි අධීක්ෂණයක සිටින බව ද හමුදාපතිවරයා සඳහන් කළේය. මෙවැනි පියවරක් ගැනීමට සිදුවූයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය සමඟ සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් හා දැනටමත් ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයන් පිරිසක් එම නිවාස සංකීර්ණවල සිටීම හේතුවෙන් බව ද හමුදාපතිවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here