-5.9 C
New York

ගාල්ල නගරාධිපතිගේ නිවසට එල්ල වූ ප්‍රහාරය

Published:

ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත සහබන්දුගේ නිවසට සහ ඔහුගේ සහෝදරයන්ගේ ව්‍යාපාරවලට ද ඊයේ (09) පහර දී හානි සිදුකර තිබිණි.

නගරාධිපතිවරයාගේ නිවසට කඩා වැදුණු පිරිසක් එම නිවසට පහර දී අලාභහානි කර ඇති අතර නිවසේ තිබූ භාණ්ඩ එළියට ඇද දමා ගිනි තබා තිබිණි. එම අවස්ථාවේ දී අසල්වැසි නිවසක පිරිසක් පැමිණ එම නිවසේ රෝගියකු සිටින බව පැවසීමත් සමඟ එම ගින්න නිවා දැමීමට ගිනි තැබූ පිරිස ම කටයුතු කර තිබිණි.

ඉන් සුළු වේලාවකට පසු නගරාධිපතිවරයාගේ සහෝදරයකුට අයත් වෙළෙඳ සැළකට කඩා වැදුණු පිරිස් එම ස්ථානයට අලාභහානි සිදුකර වෙළෙඳ සැළෙහි තිබූ ආහාර ද්‍රව්‍ය ද රැගෙන ගොස් ඇත.

Related articles

Recent articles

spot_img