කොළඹ නගර සභාවෙන් ආසාදිතයන් 937ක් හඳුනාගෙන.

0
317

කොළඹ නගර සභාව මගින් කරන ලද පීසීආර් පරික්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 937 දෙනකු සොයාගෙන ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසයි.

ඔහු පවසන්නේ පසුගිය දින 09 ක කාලයේ දී මෙම පිරිස හඳුනාගත් බවයි. ඔවුන් අතරින් 337ක් පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයේ පුද්ගලයන් බවත් අනෙක් 600ක පිරිස ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් බවත් වෛද්‍ය විජයමුණි මහතා පවසයි. මෙම ආසාදිතයන් පිරිස හඳුනාගෙන ඇත්තේ පුද්ගලයන් 5367ක පිරිසකගේ ජෛව සාම්පල ලබාගෙන සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ වලිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here