-5.9 C
New York

“ජනේලයේ දේශනය” පැවැත්වූ රාජපක්ෂලාගේ මැදමුලන නිවස විනාශයි (වීඩියෝ දර්ශන)

Published:

වීරකැටියේ මැදමුලන පිහිටි රාජපක්ෂ පවුලේ මහ ගෙදර අද (09) රාත්‍රී ගිනි තබා විනාශ කර තිබේ.

දිවංගත පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.ඒ.රාජපක්ෂ විසින් ඉදිකරන ලද මෙම නිවස චමල්, මහින්ද, ගෝඨාභය, බැසිල් ඇතුළු රාජපක්ෂ පවුලේ දේශපාලකයන්ගේ තිඹිරි ගෙය විය.

චමල් රාජපක්ෂට අයත්ව තිබූ එම නිවස මේ වනවිට මුළුමනින්ම විනාශ වී ඇත.

2015 ජනාධිපතිවරණයෙන් පරාජය වූ මහින්ද රාජපක්ෂ සුප්‍රසිද්ධ ජනේලයේ දේශනය පවත්වන ලද්දේ මෙම මැදමුලන නිවසේ ජනේලයක එල්ලී සිිටිමිනි.

රටේ ජනතාව මෙම නිවස “මැදමුලන වලව්ව” යැයි හැඳින්වුව ද එය පසුකාලීනව ගොඩනැගූ නිවසක් බවත් වලව්වක් නොවන බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටිය දී 2006 වර්ෂයේ දී මෙම ලේඛකයා සමඟ කියා ඇත.

(සජීව විජේවීර)

Related articles

Recent articles

spot_img