1.7 C
New York

කොළඹ ජාතික රෝහලෙන් මරණයක් වාර්තා වෙයි. 10කට අසාධ්‍යයි

Published:

කොළඹ සිදුවූ කළහකාරී තත්වයේ දී තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ එක් පුද්ගලයකු මියගිය බව ජාතික රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

මියගොස් ඇත්තේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කොළඹට පැමිණි අයකු ද නැතිනම් නිර්පාක්ෂික අරගලකරුවකු ද යන්න තවමත් තහවුරු වී නැත.

තුවාල ලැබූ තවත් 137 දෙනකු මේ වනවිට ජාතික රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට ඇතුළත් කර සිටින අතර ඉන් 10 දෙනකුගේ තත්වය බරපතල බව ද දැනගන්නට ඇත.

අද ඇති වූ කළහකාරී තත්වය හේතුවෙන් දැනට මරණ තුනක් සිදුව තිබේ ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සියදිවි නසාගෙන ඇත.

Related articles

Recent articles

spot_img