සමිත හිමියන් තනියම විරෝධතාවක

0
135

ලෝක බලවතුන්ට රට උගසට තබන එම්සීසී – සෝපා ගිවිසුම් එපායැයි පවසමින් බද්දේගම සමිත හිමියෝ අද (27) ගාල්ල ක්‍රීඩා මණ්ඩපය ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරඟ වැදුණු සමිත හිමියන් කියා සිටියේ තමන් රට පාවා දෙන වැඩපිළිවෙලට කවදත් විරුද්ධ බවයි. මෙවැනි පාවාදීම් කවුරුන් විසින් සිදුකළ ද තමන් ඊට එරෙහිව නැගී සිටින බව ද හිමියෝ කීහ.

සමිත හිමියන් විසින් ප්‍රදර්ශනය කළ පුවරුවේ “POMPEO Go Home” යනුවෙන් ද සඳහන් කර තිබිණි.

“ඇමෙරිකාවේ මැදහත් වූ රටවල් සියල්ල ලේ විලක් බවට පත්වුණා. ඒ නිසා ඇමෙරිකා ගිවිසුම්වලට අපි විරුද්ධයි. අපි ස්වාධීන රාජ්‍යයක්. චීනය මේ රටට මැදිහත්වනවාටත් මා විරුද්ධයිි. සිරිමාවෝ මැතිනියගේ නොබැදි පිළිවෙත අපි ඉදිරියට රැගෙන යා යුතුයි. ඒ නිසා මා මෙවැනි විදේශීය මැදහත්වීම්වලට විරුද්ධවෙනවා. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මේ රටට පැමිණීම කිසිසේතම අවශ්‍ය දෙයක් නොවෙයි.” යනුවෙන් සමිත හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

(ධනංජය ජයසුන්දර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here