spot_img
spot_imgspot_img

පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී, සියදිවි නසාගනී

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ තම අතැති ගිනි අවියකින් අද (09) සවස නිට්ටඹුව නගරයේ දී වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇතැයි ඇසින් දුටුවෝ පවසයි.

මෙය තවමත් වතුපිටිවල ‍රෝහල හෝ නිට්ටඹුව පොලිසිය තහවුරු කර නැත.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ මන්ත්‍රීවරයා සිය රථයෙන් ගමන් කරමින් සටිය දී විරෝධතාකරුවන්ට කොටු වූ බවයි. එම අවස්ථාවේ දී මන්ත්‍රීවරයා සිය රථයෙන් බැස ගිනි අවියකින් වෙඩි තබමින් නගරයේ ව්‍යාපාරික ස්ථානකට රිංගා ගත් බවත් එහි සිටි සේවයන් එළියට බැසීමත් සමඟ මන්ත්‍රීවරයා යළි විරෝධතා කරුවන්ට කොටු වූ බවත් සිද්ධිය ඇසින් දුටු අයකු කීවේය.

එම අවස්ථාවේ දී මන්ත්‍රීවරයා තම අතෙහි තිබූ ගිනි අවියෙන් පපුවට වෙඩි තබාගත් බවත් ඔහුගේ සිරුර නිසළ වූ බවත් එහි සිටි අය කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!