-5.9 C
New York

කොළඹ ජාතික රෝහලේ පහරදීමක්

Published:

කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය සේවකයන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබේ.

ආණ්ඩුවට එරෙහිව අද වැඩවර්ජනයක් සහ උද්ඝෝෂණයක් ආර්මභ කළ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගනිමින් සිටි කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පිරිසකට උද්ඝෝෂණයේ නිරත වූ පිරිසක් පහර දී තිබේ.

මෙලෙස උද්ඝෝෂකයන්ගේ ඡායාරූප සහ වීඩියෝ ගත කිරීම් සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතියක පිරිසක් විසිනි.

උද්ඝෝෂකයන් ඔවුන්ට පහර දී ඔවුන්ගේ ජංගම දුරකථ උදුරාගෙන ඇති අතර, උද්ඝෝෂකයන්ට බැන වදිමින් සිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරු පිිරිසකට ද තර්ජනය කර තිබේ.

Related articles

Recent articles

spot_img