spot_img
spot_imgspot_img

“සංයමයෙන් කටයුතු කරන්න” යැයි අගමැති මහින්ද නිවේදන නිකුත් කරයි

පුවත්

විදෙස්

රට මුහුණ දී ඇති ආර්ථික සහ දේශපාලන අර්බුදය විසඳීම සඳහා අගමැතිධූරයෙන් ඉවත්වන ලෙස ජනාධිපිත ගෝඨාභය රාජපක්ෂ විසින් සිකුරාදා (06) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී දැනුම් දී තිබිය දී තම ආධාරකරුවන් කැඳවා උද්වේගකර කතාවක් කර ඔවුන් ප්‍රචණ්ඩත්වයට පෙළඹවීමට අගමැති මහින්ද රාජපක්ෂ කටයුතු කළේය.

ඔහු ගේ එම කතාවෙන් පසු මහින්ද රාජපක්ෂගේ මැරයන් ගොස් මයිනා ගෝ ගම සහ ගෝඨාගෝ ගම වෙත ප්‍රහාර එල්ල කළ අතර මේ වනවිට රට පුරාම සෑම තැනකම කලබලකාරී තත්වයක් උදාවී ඇත.

අද උදෑසන ඉල්ලා අස්වීම ප්‍රකාශ කරන බවට පක්ෂයේ මහජන නියෝජිතයන්ට පවා පැවසූ මහින්ද රාජපපක්ෂ තම අනුගාමිකයන් විශාල පිරිසක් අරලියගහ මන්දිරයට කැඳවා ඔවුන්ගෙන් විමසා සිටියේ තමන් ඉල්ලා අස්විය යුතු ද ? නැද්ද ? ‍යනුවෙනි. අනුගාමිකයෝ මහින්ද ඕනෑ බව කීහ.

ඉන් අනතුරුව අරලිගහ මන්දිරයෙන් පිටතට ආ මැරයන් ප්‍රචණ්ඩත්වය මුදාහැරි අතර අගමැති මහින්ද රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සංයමයෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි. ප්‍රචණ්ඩත්වය ඇති නොකරන ලෙසත් ඉල්ලා සිටින බව හෙතමෙ එම පණිවිඩයෙන් දැනුම් දී ඇත. රටේ ආර්ථික අර්බුදය විසඳීමට ආණ්ඩුව කැපවී සිටින බවත් හෙතෙම පවසයි.

1 COMMENT

  1. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආවේගශීලී කතාවක් නිසා ඔහුගේ අනුගාමිකයන් දියත් කළ කැපිටල් කැරැල්ල සිහි ගන්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!