කොරෝනා හේතුවෙන් මෙරට සිදු වූ 18 වැනි හා 19 වැනි මරණ දෙක ද අද (27) වාර්තා විය.
මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටින 75 හැවිරිදි කාන්තාවක් හා 19 හැවිරිදි තරුණයෙකි.
මොවුන් දෙදෙනා කොළඹ කෙසෙල්වත්තේ සහ කොළඹ – 02 පදිංචි කරුවන් බව පැවසේ. මේ අනුව අද දිනයේ කොරෝනා මරණ තුනක් මෙරටින් වාර්තා වෙයි.