ගාලු මුවදොර පිටියේ “ගෝඨාගෝ ගම” අරගලකරුවන්ට මහින්ද රාජපක්ෂගේ මැරයෝ මේ වනවිට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් සිටිති.
අද (09) උදෑසන අරලියගහ මන්දිරයට පැමිණි පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසකට අගමැති මහින්ද රාජපක්ෂ උද්වේගකර කතාවක් කිරීමෙන් අනතුරුව එම අය අතරින් පිරිසක් පැමිණ අරලියගහ මන්දිරය ඉදිරිපිට තිබූ “මයිනාගෝ ගම” අරගල භූමියට පොලු මුගුරු ප්‍රහාරයක් එල්ල කළ අතර මාධ්‍යවේදීන් පිරිසකට ද පහර දෙනු ලැබීය.
ඉන් පසු මේ මැරයෝ ගාලු මුවදොර පිටියේ ගෝඨාගෝ ගම දෙසට පයින්ම ගමන් කළ අතර පොලිස් කැරළි මර්ධන ඒකකය ඔවුන්ගේ ගමන අවහිර කිරීමට පොලිස් මාර්ග බාධක යොදා ජල ප්‍රහාරයක් ද එල්ල කරන ලදී. නමුත් එම ජල ප්‍රහාරය ඔවුන් මර්ධනය කිරීම සඳහා නොව ඔවුන් වැළැක්වීමට උත්සාහ ගත් බවට කරන ලද ප්‍රදර්ශනක් පමණක් බව සිද්ධිය ඇසින් දුටුවෝ කියති.
මැර පිරිස ගෝඨාගෝ ගමට කඩා වැදී එහි සිටින පිරිස්වලට දිගින් පහර දෙන මැරයෝ එහි ඇති කූඩාරම්, පොත් පත් සහ උපකරණ ගිනිබත් කරමින් විනාශ කරති.
එහි සිටින උද්ඝෝෂකයන් පවසන්නේ මේ මැරයන් තියුණු ආයුධවලින් ද සන්නද්ධව සිටින බවයි.
