spot_img
spot_imgspot_img

මම යන්න ද ? එපා ද ? මහින්ද තමන්ගේ හිතවතුන්ගෙන් අසයි

පුවත්

විදෙස්

“මම අයින් වෙන්න ද ? එපා ද ?” යනුවෙන් මෙරට දෙවරක් විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන ලද වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (09) අරලියගහ මන්දිරයට රට පුරා විවිධ ප්‍රදේශවල සිට සංවිධානය කරන ලද බස්රථවලින් ගෙන්වූ පිරිසකගෙන් විමසා සිටියේය.

එලෙස පැමිණ සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු විසින් සංවිධානාත්මකව ගෙන්වන ලද එම පක්‍ෂයේ ආධාරකරුවන් පිරිසකි.

‍සිකුරාදා (06) සවස පැවැති විශේෂ කැබිනට් රැස්වීමේ දි ජනාධිපිතවරයාගේ ඉල්ලීමකට අනුව ඉල්ලා අස්වන බවට පොරොන්දු වූ අගමැති මහින්ද රාජපක්ෂ අද මෙම පිරිස හමුවේ තමන් යන්න ද එපා ද යනුවෙන් විමසා සිටියේය.

එහි දී කතා කළ ඔහු තමන්ට සුපුරුදු ආකාරයෙන් කියා සිටියේ පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් තමන්ට වටින්නේ මව්බිම බවයි.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා මෙසේ ද කීවේය.

“මට සෑම දේකටම වඩා වටින්නේ මව්බිම, මගේ ජනතාව. දේශපාලන අභිලාශයන් වෙනුවෙන් රට අරාජික කිරීමට තමාට අවශ්‍යතාවයක් නැතැයි ද පැවසූ ඔහු ජනාධිපතිවරයාට බාධාවකින් තොරව තීන්දුවකට එළඹිය හැකි බවත් 69 ලක්‍ෂයක ජනතාවගේ අභිලාශය පාවා දෙන්නට කාටවත් අයිතියක් නැතැයි ද සඳහන් කළේය.

කෙසේ වෙතත් ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ඔහු එහිදී කියා සිටියේ නැත.

“ඔවුන්ට අවශ්‍ය බලය විතරයි. අපි එකතු වෙලා රට ගොඩ නගමු කිව්වට ඒකට එකඟ වුණේ නෑ. දැන් සර්ව පාක්ෂික ආණ් ඩුවක් යෝජනා කරනවා.

ජනාධිපතිතුමාට බාධාවකින් තොරව තීන්දුවකට එලඹෙන්න පුළුවන්. පොදුජන යහපත වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කරන්න අපි සූදානම්. 69 ලක්ෂයක ජනවරම පාවාදෙන්න්නට කාටවත් හැකියාවක් නෑ.

මම දේශපාලනයට ගොනාවේ ඔබතැබූ විශ්වාසයයි. මම ඉන්නේ ජනතාවගේ පැත්තේ. මේ රටේ අනාගතය වෙනුවෙන් ඔබත් එක්ක එක තීරණයකට එන්න අපි සූදානම්. මට පළමුවත්, දෙවනුවත්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!