-2.1 C
New York

ජනාධිපතිට එරෙහි විශ්වාසභංගය, දෝෂාභියෝගයක් කරන්න යැයි කතානයක කියයි

Published:

ජනාධිපතිවරයාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව බර නොගැනීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කර තිබේ.

ජනාධිපතිවරයාට එරෙහිව ව්‍යවස්ථානුකූලව ඉදිරිපත් කළ හැක්කේ දෝෂාභියෝගයක් බවත්, විශ්වාසභංග යෝජනාවකට ප්‍රතිපාදන නොමැති බවත් කතානායකවරයා විසින් සමගි ජන බලවේගයට දැනුම් දී තිබේ. එබැවින් එම විශ්වාසභංග යෝජනාව සුදුසු පරිදි සංශෝධනය කර ඉදිරිපත් කරන්න යැයි ද හෙතෙම සමගි ජන බලවේගයට දැනුම් දී තිබේ.

සමගි ජන බලවේගය පක්ෂය විසින් අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමේ දිනය අද (09) තීරණය කිරීමට නියමිතය.

Related articles

Recent articles

spot_img