-4.8 C
New York

“ගෑස් ‍නෑ. අපිට කරන්න දෙයක් නෑ” – Litro

Published:

ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමට තරම් ගෑස් තොග තමන් සතුව නොමැති බැවින් අත්‍යාවශ්‍ය සේවා සඳහා අවශ්‍ය ගෑස් පමණක් බෙදාහරින බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

අද (08) මුතුරා‍ජවෙල ගෑස් පර්යන්තයේ තිබූ ගෑස් සීමිත ප්‍රමාණයක් බෙදාහැරිය බවත් තවදුරටත් ගෑස් ලබාදීමට නොහැකි බවත් එම සමාගම පවසයි.

මේ හේතුවෙන් අළෙවි නියෝජිතයන් ගෑස් ලබාදෙන ලෙස ඉල්ලා සිටිය ද ඔවුන්වෙත ගෑස් ලබාදීමට නොහැකි බවත් පෝළිම්වල රැඳී සිටීමෙන් ගෑස් ලබාගැනීමට අවස්ථාව නොලැබෙන බවත් සමාගමේ ප්‍රකාශකයකු කීවේය.

මෙවැනි තත්වයක් නුදුරු දිනක උදාවන බව අපි මීට පෙර සඳහන් කළෙමු. එම ලිපිය පහතින්

ලබන මාසයට ම ගෑස් නැව් එන්නේ නෑ. ටෙන්ඩර් මගඩියක්

ලිට්‍රෝ ගෑස් අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි. වෙනත් විකල්ප සොයන්න වෙයි

Related articles

Recent articles

spot_img