-5.9 C
New York

විශ්වාසභංග යෝජනාවලට දින තීරණය කිරීම හෙට

Published:

සමගි ජන බලවේගය විසින් කතානායකවරයාට බාර දී ඇති විශ්වාසභංග යෝජනා දෙක විවාදයට ගන්නා දිනය තීරණය කිරීම සදහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට (09) උදේ 10.00ට පාර්ලිමේන්තුවේ දී පැවැත්වේ.

මෙය කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධාන්තවයෙන් පැවැත්වෙන රැස්වීමකි.

එම සාකච්ඡාවෙන් පසු කතානායකවරයා මාධ්‍ය හමුවක් පවත්වන බවට ද දැනගන්නට ඇත.

සමගි ජන බලවේගය විසින් අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ‍එරෙහිව සහ ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනා දෙකක් බාර දී තිබේ.

සිකුරාදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා උපදෙස් දුන් පරිදි අගමැතිවරයා හෙට (09) දිනයේ ඉල්ලා අස්වන්නේ නම් අමාත්‍ය මණ්ඩලය ද ‍අහෝසි වන අතර නව ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ද උදාවෙයි. එසේ වුවහොත් අගමැතිවරයා සහ ආණ්ඩුවට ‍එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීමේ අවශ්‍යතාවක් ඇති නොවනු ඇත.

Related articles

Recent articles

spot_img