6.8 C
New York

බංකොලොත් රටක බිහිසුණු යථාර්ථය ආමර් වීදියෙන් පෙනේ (වීඩියෝ සහිතයි)

Published:

ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ලොරික් කොළඹ ආමර් වීදියේ දී නවත්වාගත් ජනතාව බලෙන්ම එම ලොරියේ දොරවල් හැර එහි තිබූ ගෑස් සිලින්ඩර රැගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජමාධ්‍යවල සංසරණය වෙයි.

මෙය සැබැවින් ම මහ දවාලේ මංකොල්ල කෑමකි.

මෙම ලොරියෙන් ආසන්න වශයෙන් ගෑස් සිලින්ඩර 100ක් රැගෙන ගොස් ඇතැයි ගෑස් සමාගම පවසයි

අද රට මුහුණ දී ඇති දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ රටේ ජනතාව විදින දුක්ගැහැට හේතුවෙන් මෙවැනි සිදුවීම ඉදිරි කාලයේ දී නැවැත්විය නොහැකි වනු ඇතැයි ආර්ථික හා සමාජ විද්‍යාඥයෝ කියති.

ශ්‍රී ලංකාව වැනිම බංකොලොත් වූ රටවල මෙවැනි සිදුවීම් වර්ධනය විය. එවැනි අතීතයක් ශ්‍රී ලංකාවට මෙතෙක් නොතිබුණ ද අද සිදුව ඇත්තේ එයයි. බංකොලොත් වූ ඇතැම් රටවල වෙළෙඳ සැල් පවා ‍ජනතාව විසින් කොල්ල කෑහ. අවසානයේ ඉඳුල් දැමූ කුණු බක්කිවල තිබූ දෑ පවා අහුලාගෙන කන තත්වයට ජනතාව පත්වූහ.

ශ්‍රී ලාංකාවේ ආර්ථක සහ දේශපාලන අර්බුදයට පාලකයන් ඉක්මන් විසදුමක් ලබා නෙදෙන්නේ නම් හෙට දවසේ ශ්‍රී ලංකාවේ වීදිවල, නගරවල, ගම්වල දක්නට ලැබෙන දේ අද ආමර්වීදියේ ප්‍රදර්ශනය විය.

වීඩියෝ දර්ශන – Newswire.lk අනුග්‍රහයෙනි

Related articles

Recent articles

spot_img