-4.8 C
New York

ජනපති හමු වූ නීතිඥ සංගමය අගමැතිත් හමුවෙයි. ප්‍රශ්න විසඳන්න තීරණාත්මක සාකච්ඡාවක්

Published:

ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් පිරිසක් අද (08) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී ඇති අතර අද සවස අගමැති මහින්ද රාජපක්ෂ ද හමුවීමට නියමිතය.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ රටේ අර්බුදකාරී තත්වයෙන් මිදීම සඳහා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ නියෝජිතයන් පිරිසක් ජනාධිපතිවරයා දැනුම්වත් කළ බවයි.

අගමැතිවරයා හමුවී ඒ පිළිබඳ දැනුම්වත් කිරීමට ද නීතිඥ සංගමය අද (08) වේලාව වෙන්කරගෙන තිබේ.

අද (08) සමගි ජන බලවේගය, ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ සමඟ ද නීතිඥ සංගමයේ නියෝජිතයන් පිරිස සාකච්ඡා කළහ.

Related articles

Recent articles

spot_img