කටුනායක සිට වරාය නගරය හරහා මත්තලට අධිවේගී දුම්රිය මාර්ගයක්

0
297

කටුනායක  සිට කොළඹ වරාය නගරය දක්වාත් මත්තල දක්වාත් විද්‍යුත් අධිවේගී දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ආයෝජන මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7ක වියදමින් ඉදිකිරීමට යෝජිත මෙම ව්‍යාපෘතිය සැළසුම් කර ඇත්ත් 2010 වර්ෂයේ දී ය. කටුනායක හා මත්තල ගුවන්තොටුපොළ දෙක යා කරමින් ඉදිකරන මෙම අධිවේගී දුම්රිය මාර්ග ව්‍යාපෘතිය සඳහා ආර්ථික හා තාක්ෂණික අධ්‍යයනයක් සිදුකිරීමට පෞද්ගලික උඵදේශන ආයතනයක් වෙත පැවරීමට නියමිත අතර ඊට අදාල ගිවිසුම් මෙම සතියේ අත්සන් කිරීමට නියමිතය.

මෙම මිශ්‍ර සංවර්ධණ ව්‍යාපෘතියේ පළමු අදියර කටුනායක සිට කොළඹ වාරාය නගර දක්වාත් දෙවැනි අදියර කොළඹ වරාය නගරයේ සිට ගාල්ල හා මාතර නැවතුම් ස්ථාන දෙකක් සහිතව මත්තල දක්වාත් ඉදිකිරීමට නියමිතය. ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්න් රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ ය.

ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2022 දී ආරම්භ කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here