spot_img
spot_imgspot_img

“රාජපක්ෂලා නැති ආණ්ඩුවක් ඕනෑ” වෘත්තීය සමිති, සිවිල් හා ශිෂ්‍ය සංවිධාන දැඩි මතයක

පුවත්

විදෙස්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ දෙදෙනාම ඉල්ලා අස්වී රාජපක්ෂ පවුල් පාලනය අවසන් කරනතුරුම අඛණ්ඩ විරෝධතා පවත්වන බව වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව අද (08) පැවැත්වූ රැස්වීමකින් අනතුරුව ප්‍රකාශ කරන ලදී.

එම රැස්වීම සඳහා ශිෂ්‍ය ව්‍යාපාර කිහිපයක් ද එක්ව තිබීම විශේෂත්වයකි.

රාජපක්ෂ පාලනය මුළුමනින්ම අවසන් වනතුරු දිගටම උද්ඝෝෂණ පැවැත්වීමටත් තීරණය කර තිබේ. එමෙන් ම 17 වැනි දා නැවත පාර්ලිමේන්තුව රැස්වන දිනයේ පාර්ලිමේන්තු සංකීර්ණය වටකිරීමටත් තීරණය කර තිබේ.

මෙම සංවිධාන ඒකමතිකව තීරණය කර ඇත්තේ ඔළුගෙඩි මාරුකර ගෙන එන අන්තර්වාර පාලනයේ රාජපක්ෂවරු සිටින්නේ නම් තම සංවිධාන එය විසඳුමක් ලෙස පිළිනොගන්නා බවයි.

දුමින්ද නාගමුව සහ ජෝෂප් ස්ටාලින් දෙදෙනා වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව සහ ශිෂ්‍ය ව්‍යාපාර ඒකාබද්ධ වූ මෙහි කැඳවුම්කරුවන් ලෙස ක්‍රියාකරන අතර ඊයේ දිනයේ සියලුම වෘත්තීය සමිති විසින් ගන්නා ලද විරෝධතා සතියක් පැවැත්වීම සහ 17 වැනි දා පාර්ලිමේන්තුව අසළ විරෝධයට තම සංවිධානද උපරිම සහයෝගය දක්වන බව ද ප්‍රකාශ ක‍රන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!