spot_img
spot_imgspot_img

දේශපාලන අර්බුදයේ අලුත්ම තත්වය – නිතිඥ සංගමයේ මැදිහත්වීම

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලනික අර්බුදයෙන් මිදීම සඳහා ස්ථිර වැඩපිළිවෙලකට ගොස් ස්ථාවර රටක් බිහිකිරිම සඳහා නීතිඥ සංගමය විසින් කර ඇති යෝජනා සම්බන්ධයෙන් මේ වනවිට සෑම දේශපාලන පක්ෂයකින් ම යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතී.

අද (08) උදෑසන නීතිඥ සංගමයේ නියෝජිතයන් හමුවීමෙන් පසු අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර පැවැත්වෙන සාකච්ඡාවලින් අනතුරුව ජනාධිපතිවරයා දක්වන ප්‍රතිචාර සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අතිශය තීරණාත්මක වනු ඇති බවයි.  

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් ඊයේ (07) දහවල් විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කර ඇති යෝජනා පදනම් කරගත් ජාතික වැඩපිළිවෙලකට සහය දීමට සූදානම් බව ප්‍රකාශ කර තිබිණි.

එම යෝජනාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට සඳහා සමගි ජන බලවේගයේ නියෝජිතයන් පිරිසක් අද ශ්‍ර ලංකා නීතිඥ සංගමයේ නිලධාරීන් හමුවී තිබිණි. ඉන් පසු ඔවුන් විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී තිබූ අතර ඒකාධිපති විධායක ක්‍රමය වහාම අහෝසි කිරීම සඳහා නීතිඥ සංගමයට සත්කාරක පාර්ශවයක් ලෙස මැදිහත්වන්න යැයි ආරාධනා කරන බව සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කියා තිබිණි. නමුත් ඒ සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය දැනගැනීම ද අවශ්‍ය බව හෙතෙම පවසයි.

අද (08) උදෑසන නීතිඥ සංගම් කාර්යාලයේ දී ස්වාධීන වූ පක්ෂ 11 නියෝජිතයන් සමඟ නීතිඥ සංගම් නිලධාරීන් රැස්වීමක් පැවැත්වූ අතර එම රැස්වීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියාසිටියේ සාකච්ඡා ඉතාමත් සාර්ථක වූ බවයි.

ජනාධිපති තනතුර, ව්‍යවස්ථාදායකය ශක්තිමත් කිරීම, මැතිවරණ පැවැතව්ීම ආදී කරුණු පිළිබඳ ව්‍යවස්ථාමය වෙනස්කම් ඇතිකිරීම ගැන එහි දී සාර්ථකව සාකච්ඡා කළ බව ද හිටපු ජනාධිපතිවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!