-5.9 C
New York

“ජල ප්‍රහාරක රථ අපි දුන්නේ නෑ” – ඉන්දියාව

Published:

ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට ජල ප්‍රහාරක රථයක් ලබා දී නැතැයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

පසුගිය දා හම්බන්තොට වරායට ගෙනවිත් තිබූ නවීන ජල ප්‍රහාරක රථය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වරායෙන් රැගෙන ගොස් තිබූ අතර සමාජ මාධ්‍ය ජාලයන්හි කියැවුණේ එම රථය ඉන්දීය ණය ආධාර යටතේ ගෙනවිත් ඇති බවයි.

එම පුවත අසත්‍යයක් බවත් එම රථය ඉන්දීය ණය ආධාර යටතේ ගෙන්වන ලද්දක් නොව‍න බවත් පවසන ඉන්දීය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම සඳහා ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 01ක ණයක් ලබාදීමට අපේක්ෂා කරන බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

Related articles

Recent articles

spot_img