-2.1 C
New York

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ නිවේදනය

Published:

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව හැර අනිකුත් සාමාන්‍ය සේවා යළි සඳුදා (09) සිට ආරම්භ කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය 05 සහ 06 දිනයේත් 09 වැනි දිනියේත් සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබාගැනීමට වේලාවක් වෙන්කරගත්  අය සහ 05 වැනි දා සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා අයඳුම් පත්‍ර භාර දීමට පැමිණ අංකයක් හෝ මුද්‍රාවක් ලබාගත් අයදුම්කරුවන්ගේ ඉල්ලුම්පත්‍ර එදින භාරගැනීමට නියමිතය.

එමෙන් ම මැයි මස 10 වැනි දා සිට ගමන් බලපත්‍ර අයදුම්පත් භාරදීමට 0707101060 දුරකථන අංකය ඔස්සේ හෝ immigration.gov.lk වෙබ් අඩවියෙන් දිනයක් හා වේලාවක් වෙන්කරගෙන පැමිණීම අනිවාර්ය වෙයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අනිකුත් සාමාන්‍ය සේවා, ප්‍රාදේශීය කාර්යාලවලින් සිදුකරන සේවා සහ ගුවන්තොටුපොළ ආගමන විගමන සේවා කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බව ද දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් මෙම තත්වය ඇතිවී තිබෙන අතර හැකි ඉක්මණින් එක්දින සේවාව යළි ආරම්භකරන බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

Related articles

Recent articles

spot_img