-1.1 C
New York

ඇමති ප්‍රසන්න රණතුංග හරවා යැවූ වෛද්‍ය මහාචාර්යවරයා කියන කතාව

Published:

පොලිසිය භාර අමාත්‍යවරයා වන ප්‍රසන්න රණතුංග පරීක්ෂාකිරීම ප්‍රතික්ෂේප කරමින් නැවත හරවා යැවූ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රනිල් ජයවර්ධන සමාජ මාධ්‍ය වෙත සිය හඬ අවදි කර තිබේ.

රටේ ඇති ප්‍රශ්න සළකා බැලූ විට තමන්ට හිතට එකඟව ප්‍රසන්න රණතුංග ඇමතිවරයාට සිය සේවාව ලබාදිය නොහැකි බැවින් ඔහු ගෙවා තිබූ මුදල් නැවත ලබා දී හරවා යැවූ බව ද වෛද්‍යවරයා පවසයි.

පසුගිය දා පාර්ලිමේන්තුවේ දී මහාචාර්යවරුන්ට චෝදනා කරමින් විශ්වවිද්‍යාල සිසුන් හරියට හදා නැතැයි කියූ මෙවැනි අයට ප්‍රතිකාර නොකරන බවත් වෛද්‍යවරයා කියා තිබේ.

මෙලෙස ප්‍රතිකාර ලබානොදී ආපසු යැවීම සාදාචාර විරෝධීයැයි ඇතැමකු කීව ද එය සදාචාරාත්මක ප්‍රශ්නයක්  නොවන බව ද මහාචාර්ය වරයා පවසයි. මීට පෙර අවස්ථා දෙකක දී ම අමාත්‍යවරයා පරීක්ෂා කර ඇති බවත් මේ තුන්වැනි අවස්තාව බවත් හෙතෙම පෙන්වා දෙයි. එමෙන්ම තම පුද්ගලික චැනල් සේවාවට ඔහු පැමිණියේ හදිසි අවශ්‍යතාවක් සඳහා නොවන බැවින් එලෙස රෝගියා පරීක්ෂාකිරීමෙන් වැළකී සිටීමට තමන්ට අයිතියක් ඇති බවත් මෙවැනි මැති ඇමතිවරු රජයේ රෝහල්පෙත යැවීමට කටයුතු කරන බවත් ‍මහාචාර්යවරයා වැඩිදුරටත් පවසයි.

මේ එම මහාචාර්යවරයා “දසත ලංකා පුවත්” වෙත අදහස් දක්වන ආකාරයයි.

Related articles

Recent articles

spot_img