-5.9 C
New York

පොහොට්ටු මන්ත්‍රීගේ ලේකම්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකුට මරණීය තර්ජන කරයි (හඬපටය සහිතයි)

Published:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්නගේ ලේකම්වරයකු වන අමිල ජයසිංහහ නැමැත්තා තමන්ට දුරකථනයෙන් මරණීය තර්ජන කළ බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු අද (07) මීට සුළු වේලාවකට පෙර කළුතර දකුණ පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ හේලිත චන්දිම වැදිසිංහ නමැති අයෙකු විසිනි.

ආණ්ඩුවට විරෝධය දක්වමින් ඔහු ‍විසින් Facebook හි පළකරන ලද පෝස්ටුවක් විනාඩි 10ක් ඇතුළත ඉවත්කරන ලෙස දැනුම් දෙමින් මෙලෙස දුරකථනයෙන් මරණීය තර්ජන කළ බව පැමිණිල්ලේ සඳහන් වෙයි.

මෙවැනි පැමිණිල්ලක් පොලිසියට ඉදිරිපත් වී ඇති බවත් ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන බවත් කළුතර දකුණ පොලිසිය පවසයි.

තර්ජනය කරන හඬ පටය පහතින්

(මෙම පුවත සම්බන්ධයෙන් යම් පාර්ශවයක් අගතියට පත්වන්නේ නම් ඔවුන් විසින් කරනු ලබන පැහැදිළිකිරීම් ද මේ හා සමාන ඉඩක් ලබාදෙමින් පළකිරීමට අපි බැඳී සිටින්නෙමු)

Related articles

Recent articles

spot_img