spot_img
spot_imgspot_img

Hotel Galadari අමුතු කතාවක් කියයි. පොලිසිය කරපු වැඩේ ප්‍රශ්නාර්ථයක් ද ?

පුවත්

විදෙස්

“අපි පොලිසයට කිව්වේ හෝටලයට යන මාර්ගය අවහිර වන පරිදි මාර්ග බාධක යොදා පාර වසා තැබීම කරදරයක් කියා පමණයි. ජනතා විරෝධයට එරෙහිව අපි කිසිවක් කීවේ නෑ” යැයි ගලධාරී ‍හෝටල් කළමනාකරීත්වය පවසයි.

මේ වනවිට ගලධාරී හෝටලයේ පරිපාලනය විසින් ගෝඨාගෝ ගම විරෝධතාවය තමන්ට කරදරයක් යැයි ප්‍රකාශ කර ඇති බවට සඳහන් කරමින් පොලිසිය අධිකරණයට කරුණු දැක්වීම හේතුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ගලධාරී හෝටලයට විරුද්ධව දැඩි ප්‍රචාරයක් සිදුකෙරෙමින් පවතී.

ඒ හේතුවෙන් ගලධාරී හෝටලය දැඩි අප්‍රසාදයට ලක්ව ඇත.

මෙම කරුණු ප්‍රතික්ෂේප කරමින් එහි කළමනාකාරිත්වය පවසන්නේ 2022 අප්‍රේල් මස 29 වැනි දා විරෝධතා හේතුවෙන් යම් අපහසුතාවක් ඇති වී තිබේ ද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශයක්ක ලබාදීමට පොලිසියට කැඳවූ අවස්ථාවක දී කළමනාකරුවකු විසින් කියා ඇත්තේ හෝටලටය යන මාර්ගය අවහිරවන පරිදි මාර්ග බාධක යෙදීමෙන් අපහසුතාවක් ඇතිවන බවයි.

මේ මාර්ග බාධක යොදා ඇත්තේ පොලිසිය විසිනි.

ගෝඨාගෝ ගම ඉවත්කරන ලෙස ඉල්ලා හෝ ජනතාව තැන තැන සිදුකරන උද්ඝෝෂණ සම්බන්ධව විවේචනයක් හෝ කිසිදු අවස්ථාවක කර නැතැයි ද ගලධාරී හෝටලයේ පාලන අධිකාරිය කියයි.

ගලධාරි හෝටලය සෑම අවස්ථාවක දී ම ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින අතර එය දිගටම කොන්දේසි විරහිතව සිදු කරනු ඇති ඔවුහු කියති.

එබැවින් හෝටලයට හෝ එහි කාර්ය මණ්ඩලයට එරෙහිව කිසිදු අපහාසාත්මක, අසත්‍ය හෝ නොමඟ යවන සුළු ප්‍රකාශ සහ/හෝ පදනම් විරහිත චෝදනා කිරීමෙන් වළකින ලෙස කළමනාකාරීත්වය සියලු පාර්ශවවලින් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!