-2.1 C
New York

සමගි ජන බලවේගය අන්තර්වාර පාලනයකට සූදානම් වෙයි

Published:

ජාතික සමගි බලවේගය ඇතුළු “ජනතාවාදී විපක්ෂය” නිතිඥ සංගමය විසින් කරන ලද යෝජනා පදනම් කරගනිමින් අන්තර්වාර රජයක පිහිටුවීමට කටයුතු කරන්නේ යැයි අද (07) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.

ඔවුන් මෙම මාධ්‍ය හමුව විපක්ෂ නායක කාර්යාලයේ සංවිධානය කර තිබූ අතර ඒ සඳහා හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර. නීතිඥ අජිත් පී පෙරේරා සහ එම්.එස්.මරික්කාර් යන මන්ත්‍රීවරු සහභාගි වූහ.

ඔවුන් කියා සිටියේ ර‍ටේ පවතින ආර්ථික අර්බුදයේ බැරෑරුම් කම හේතුවෙන් මෙම ජාතික අර්බුදය විසඳීම සඳහා ජාතික වැඩපිළිවෙලකට තමන් සූදානම් බවයි.

ඒ සඳහා සියළුම දේශපාලන පක්ෂවල සිටින ‍දූෂණයෙන් තොර පුද්ගලයන් ඒකරාශී කරගෙන නිශ්චිත කාලසීමාවක් සඳහා ආර්ථික සහ දේශපාලනික වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ඔවුන් පවසයි.

තමන්ගේ යෝජනා සහ නීතිඥ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනා බොහෝවිට එකිනෙකට ගැලපෙන බැවින් හෙට දිනයේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ මේ පිළිබඳ සාකච්ඡා කරන බවද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කියති.

එමෙන් ම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත්කර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක කිරීම සඳහා 21 වැනි සංශෝධනය ඉදිරිපත් කරන බවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීම ඇතුුළු කරුණු කිහිපයක් කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් ඔවුහු සඳහන් කරති.

Related articles

Recent articles

spot_img