ඉඩම් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ එස්.එම්.චන්දසේන පරිහරණය කරන ලද අමාත්‍යාංශ වාහන මෙතෙක් භාර දී නැතැයි වාර්තා වෙයි.
ඔහු ඇතුළු කාර්ය මණ්ඩලයට වාහන 08ක් ඉඩම් අමාත්‍යාංශය මගින් ලබා දී තිබිණි. ඉන් 03ක් අමාත්‍යවරයාගේ පරිහරණයට සහ 05ක් පුද්ගලික කාර්ය මණ්ඩලයේ පරිහරණයට වෙන්කර තිබිණි.
ඇමතිවරයා වී8 ජීප් රථ දෙකක් සහ බීඑම්ඩබ්ලිව් රථයක් භාවිතා කර ඇත. වී8 රථ දෙකෙන් එකක් අනතුරකට ලක්ව විශාල මුදලක් අමාත්‍යාංශයෙන් වැය කර අලුත්වැඩියාව සඳහා යොමුකර තිබූ බැවින් සංචිතයේ තිබූ වොල්වෝ රථයක් ඇමතිවරයා ඉල්ලා අස්වන දින වනවිට ඔහු වෙත නිකුත් කර තිබිණි.
එම වෝල්වෝ රථය, මහජන සම්බන්ධතා නිලධාරි විසින් භාවිතා කරන ලද අංක PD 2791 දරන කැබ් රථය 2022 අප්‍රේල් 19 වැනිදා ඉඩම් අමාත්‍යංශය වෙත භාර දී ඇත.
අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ එම කැබ් රථය මහජන සම්බන්ධතා නිලධාරීවරයා වෙත නිකුත්කර තිබුණ ද එය භාවිතා කර ඇත්තේ වෙනත් අයකු විසින් බවයි. ඒ අමාත්‍යවරයාගේ ඥාතියකු බව ද පැවසේ. එම කැබ් රථයත් අමාත්‍යාංශයට භාරදෙනවිට අනතුරට ලක්ව දැඩි හානි සිදුව තිබූ බව ද අමාත්‍යාංශ ප්‍රකාශකයකු අප සමඟ කීවේය. ඉදිරිපස ප්‍රධාන වීදුරුව සහ පැති කණ්ණාඩි හානියට පත්ව ඇති බවත් ඉදිරිපස බෆරය සහ දෙපස දොරවල් තැලී ඇති බවත් වාර්තා වේ.
අමාත්‍යවරයාට සහ කාර්ය මණ්ඩලයට නිකුත්කරන ලද සියලු වාහන කඩිනමින් භාර දෙන ලෙස අමාත්‍යාංශ ලේකම්විසින් ලිඛිතව දැනුම් දී තිබේ. මේ ලිපිය ඇමතිවරයාගේ පුද්ගලික ලේකම්වරයා විසින් භාරගෙන ඇතත් ඒ සඳහා නිසි ප්‍රතිචාරයක් ලැබී නැත.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයක් අගතියට පත්වන්නේ නම් ඔවුන්ගේ පැහැදිළිකිරීම් ද මේ හා සමාන ඉඩක් ලබාදෙමින් පළකිරීමට අපි බැඳි සිටිමු