-0.8 C
New York

ඉන්ධන ප්‍රමිතිය පරීක්ෂාකරන බව ඇමති කියයි

Published:

රටපුරා ඉන්ධන පිරවුම්හල්වල ඇති ඉන්ධන ප්‍රමිතිය අහඹු ලෙස පරීක්ෂාකරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

මාරවිල ඉන්ධන පිරවුම්හළක පෙරේදා (05) වතුර මිශ්‍ර වූ ඉන්ධන ඇති බවට වාර්තා වූ අතර ඊයේ (06) ගාල්ල පෙට්ටිගලවත්තේ ඉන්ධන පිරවුම්හළක ද එලෙසම ජලය සහිත පෙට්‍රල් වාර්තා විය. මෙවැනි සිදුවීම් කිහිපයක් රටපුරා වාර්තා වී ඇති බවත් ඉන්ධන නිසි ප්‍රමිතියෙන් තොර බවත් ජනතාව චෝදනා කරති.

කංචන විජේසේකර පවසන්නේ ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සැළකිල්ලට ගනිමින් අහඹු ලෙස සාම්පල පරීක්ෂා කිරීමට කටයුතු කරන බවයි.

Related articles

Recent articles

spot_img