spot_img
spot_imgspot_img

හදිසි නීතියට ජාත්‍යන්තරයේ දැඩි විරෝධයක්

පුවත්

විදෙස්

ජනාධිපතිවරයා විසින් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට රටපුරා හදිසි නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් රටවල් කිහිපයක ම තානාපතිවරු සිය කණස්සල්ල පළකර තිබේ..

ඔවුන් පවසන්නේ හදිසි නීතිය මගින් රටේ ඇති දුෂ්කරතා විසඳාගත නොහැකි බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත පිරිස පවසා ඇත.

“දකුණු ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ පුරවැසියන් තම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පූර්ණ ලෙස භුක්ති විඳින ආකාරය මාසයක පමණ කාලයක් සාමකාමීව පැවැත්වූ උද්ඝෝෂණවලින් පෙන්වා තිබේ” යනුවෙන් යුරෝපා සංගමයේ නියෝජිතයන් ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත.

ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි කණස්සල්ලට පත්ව සිටින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් පවසයි.

ඇය වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන සැබෑ අභියෝග සහා රට යළිත් සෞභාග්‍යය කරා යන මාවතකට ගෙන ඒමට දිගුකාලීන විසඳුම් අවශ්‍ය බවයි.

ශ්‍රී ලංකාවේ සිටින නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් ද පැහැදිලි තාර්කික හේතුවක් නොමැතිව ප්‍රකාශයට පත් කර ඇති හදිසි තත්ත්වය පිළිබඳ කනස්සල්ල පළ කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර ති‍බේ.

“අතිශයින් සාමකාමී වූ ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේ සාමකාමී විරෝධතා පැවැත්වීමට හැකියාව තිබිය යුතුයි. රටේ දේශපාලන සහ ආර්ථික අභියෝග විසඳීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස අපි සියලු දෙනා දිරිමත් කරමු. ඔහු වැඩිදුරටත් සටහන් කර තිබේ

“වර්තමාන අභියෝග විසඳීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී සහ සාමකාමී ප්‍රවේශයක් අත්‍යවශ්‍ය වේ. සියලු මූලික අයිතිවාසිකම් සමඟ සාමකාමී විරෝධතා සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කළ යුතුයි. එම අයිතිවාසිකම් සීමා කරන හදිසි නීති ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයට සහ විසඳුම්වලට එරෙහිව ක්‍රියා කරයි. එක්සත් රාජධානියේ මහ කොමසාරිස් සාරා හල්ටන් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

සති 5ක් තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ දෙවන අවස්ථාව මෙයයි. මීට පෙර අප්‍රේල් 01 වැනි දින හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලද අතර එය දින 5 කට පසුව අවලංගු කරන ලදී. 

මේ වනවිට රටවල් 35ක් පමණ හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් සිය කණස්සල්ල ප්‍රකාශයට පත්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!