කොවිඩ් එන්නතක් ගැන බ්‍රිතාන්‍යයෙන් සුබ ආරංචියක්

0
90

මේ වනවිට අත්හදා බලමින් පවතින ලොව ප්‍රමුඛ කොවිඩ් – 19 එන්නත් වලින් එකක් තරුණයන් හා වැඩිහිටියන් අතර ප්‍රතිශක්තීකරණය ඇතිකිරීමට සමත් බවට ධනාත්මක ප්‍රතිචාර පෙන්වා ඇතැයි පර්යේෂකයෝ පවසති.මෙම සතුටුදායක ආරංචිය බොහෝ පර්යේෂකයන්ගේ බලාපොරොත්තු ඉහල නංවා ඇත.  බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් සකස්කරන ලද මෙම එන්නත ඇස්ට්‍රාසෙනෙකා සමාගම විසින් නිශ්පාදනය කරනු ලබයි. මෙම එන්නත නියාමන අනුමැතිය ලබාගන්නා පළමුවැන්න වනු ඇතැයි අපේක්ෂා කෙරේ.වයෝවෘද්ධ පුද්ගලයන් වයිරසයෙන් මියයෑමේ අවදානම වැඩි බැවින් මෙම එන්නත වඩාත් පලදායී වනු ඇති අතර එන්නත සාර්ථක වුවහොත් ලෝකයට යම් ප්‍රමාණයකට සාමාන්‍ය තත්ත්වයට පත්වීමට හැකිවනු ඇතැයි ද  පැවසේ.මේ සම්බන්දව අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් මහතා බීබීසී සේවයට පවසා ඇත්තේ, වැඩසටහන හොඳින් ක්‍රියාත්මකව පවතින බවයි.චිම්පන්සින්ට වැළඳෙන සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා වයිරසයක දුර්වල ප්‍රබේධයක් ජානමය වශයෙන් වෙනස් කරමින් මෙම එන්නත සකස්කර තිබේ.ලොව බොහෝ රටවල් අකර්මණ්‍ය කරමින් ආර්ථික අවපාතයකට ඇද දමමින් දැවැන්ත විනාශයක් සිදුකළ කොරෝනා වයිරසයෙන් ගැලවීම සඳහා මෙම එන්නත කොල එළියක් දල්වනු ඇතැයි විද්‍යාඥයින් බලාපොරෙත්තු දල්වා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here