-2.1 C
New York

ඩොලර් නැති රටේ, කැරළි මර්ධන රථ ගෙන්වයි

Published:

විරෝධතා විසුරුවාහැරීම සඳහා යොදා ගන්නා අති නවීන Water Canon වාහනයක් හම්බන්තොට වරායට පසුගිය බ්‍රහස්පතින්දා ‍නැවකින් ගොඩ බා තිබිණි.

රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් දහස් සංඛ්‍යාත ජනතාවක් වීදි බැස රජයට එරෙහිව උද්ඝෝෂණය කරන බැවින් මේ දිනවල ශ්‍රී ලංකා පොලිසිය සතු මෙවැනි අරගල පවතින ස්ථානවලට යොදවා තිබේ. ඖෂධ, ආහාර, ඉන්ධන වැනි දේ ගෙන්වීමට මුදල් නොමැති ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට ඉල්ලා අස්වන්න යැයි බලකරන අරගලකරුවන් මර්ධනය සඳහා රථ ගෙන්වා තිබේ.

බ්‍රහස්පතින්දා හම්බන්තොට වරායට ගෙන්වා තිබූ මේ රථය ඊයේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් ලහි ලහියේ ම ගෙන ගිය බව ද හම්බන්තොට වරාය ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img