spot_img
spot_imgspot_img

යල කන්නයටත්, කාබනික පොහොර ? රසායනික පොහොර ගෙන්වීමට තවමත් සැළසුම්

පුවත්

විදෙස්

එළඹෙන යල කන්නය සඳහා අවශ්‍ය ඝන සහ දියර කාබනික පොහොර ගොවීන්ට ලබාදීමට කටයතුු කරන බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජනක වක්කුඹුර කීවේය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ වගාවන් සඳහා අවශ්‍ය රසායනික පොහොර ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවයි. ඒ අනුව කඩිනමින් අවශ්‍ය රසායනික පොහොර ලබාදීමට හැකිවනු ඇතැයි ද වගා හානි සඳහා වන්දි ලබාදීම සඳුදා සිට ආරම්භ කරන බවත් ‍කීවේය.

අමාත්‍යවරයා පවසන්නේ සමස්ත ලෝකයේ ම යූරියා පොහොර නිෂ්පාදනය අඩු වී ඇති බවකි. මෙරට ගොවීන් සඳහා අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ආනයන කිරීමට රජයේ පොහොර සමාගම් කටයුතු කර ඇතැයිද ඇමතිවරයා එහි දී සඳහන් කළේය. එමෙන් ම පොහොර අළෙවිය සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරන බවත් එමගින් පොහොර අළෙවිකරුවන් විසින් අධික මිල ගණන්වලට පොහොර අළෙවි කිරීමෙන් ගොවියා අපහසුතාවට ලක්වීම වළක්වා ගත හැකිවනු ඇතැයි ද ඇමතිවරයා කියයි.

ගොවීන් සඳහා යළි පොහොර සහනාධාරයක් ලබාදීමට හැකිවනු ඇතැයි ද ජනක වක්කුඹුර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!