spot_img
spot_imgspot_img

ලබන මාසයටම ගෑස් නැව් එන්නේ නෑ. ටෙන්ඩර් මගඩියක්

පුවත්

විදෙස්

‍ශ්‍රී ලංකාවට ගෑස් සහ තෙල් මිල දී ගැනීමේ දී අනුගමනය කළ යුතු නීතිරීතිවලට පටහැනිව කටයුතු කිරීමෙන් දැවැන්ත මුදල් වංචාවක් සිදුවන බව අනාවරණය වී තිබේ.

ගෑස් සහ තෙල් ලබාගැනීමේ දී ක්‍රම දෙකක් අනුගමනය කරයි. එකක් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මිල දී ගැනීමයි. නැතිනම් අවශ්‍යතාව මත ක්ෂණික මිල දී ගැනීමයි.

ක්ෂණික මිල දී ගැනීමක් කරන්නේ නම් තෙල් මිල දී ගත යුතුව ඇත්තේ ඔපෙක් මිල ගණන් අනුව වන අතර ගෑස් මිල දී ගන්නේ නම් එය සෞදි අරම්කෝ මිල ගණන් අනුව සිදුකළ යුතුය.

නමුත් එම ගෑස් සහ තෙල් ගෙන්වීමේ දී ප්‍රවාහනය සඳහා නැව් ගාස්තු සඳහා ටෙන්ඩර් කැඳවිය යුතුව තිබේ. එම ගාස්තු පිළිබඳව ද නියමයක් ඇත. එනම් ටොන් එකක් සම්පූර්ණ මිල දී ගැනීම සඳහා නැව් ගාස්තුව 10%කි. උදාහරණයක් ලෙස මැයි මාසය සඳහා ගෑස්වලට සෞදි අරම්කෝ මිල ටොන් එකක් සඳහා ඩොලර් 850 කි, නැව් ගාස්තුව ඩොලර් 105කි. එකතුව ඩොලර් 955ක උපරිමයකි.

ලිට්‍රෝ සමාගමේ ගෑස් පර්යන්තයට ඇතුළු කළ හැකි ටොන් 4000ක කුඩා නැව් අවම වශයෙන් 03ක් ටෙන්ඩරය ලබාන්නා සමාගම සතුවිය යුතු බව ප්‍රවාහන ටෙන්ඩර පෝරමයේ සඳහන්ව ඇත. ඒ අනුව සෑඹ දින 04කට ම වරක් ගෑස් නැවක් කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් පර්යන්තයට පැමිණිය යුතුය.

මෙවර ලිට්‍රෝ සමාගමේ ගෑස් ගෙන්වීමේ ටෙන්ඩරය ලබාගෙන ඇත්තේ තායිලන්තයේ සියාම් සමාගම විසිනි. එම සමාගමේ දේශීය නියෝජතියන ්වසන්නේ තම සමාගම සතුව කෙරවලපිටියට ගෑස් රැගෙන ආ හැකි එකම නැවක් හෝ නැති බවයි. එබැවින් අවශ්‍යතාව අනුව නැව් කුලියට ගැනීමට සිදුව ඇතැයි ද එම සමාගම පවසයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ගෑස් මිල දී ගැනීම් සිදුකළ ප්‍රසම්පාදන කමිටුව හෝ තාක්ෂණික කමිටුව විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කර නැත.

මෙයින් පැහැදිලි වන්නේ ඉදිරි මාසයේ දී ශ්‍රී ලංකාවට එකම ගෑස් නැවක් හෝ නොපැමිණෙන බවයි. පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදුන් කරුණු පරීක්ෂා කිරීමේ දී මේ බව තහවුරු වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!