-4.8 C
New York

හදිසිනීතය පැනවීම ගැන නීතිඥ සංගමයේ අප්‍රසාදය

Published:

හදිසි නීතිය පැනවීමට සාධාරණ හේතු ජනාධිපතිවරයා විසින් පැහැදිළි කළ යුතුයැයි පවසමින් නීතිඥ සංගමය හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකර තිබේ.

ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනපරිදි ජනාධිතිවරයා විසින් රටපුරා හදිසි නීතිය පනවා තිබේ.

නීතිඥ සංගමය පවසන්නේ හදිසි නීතිය පැනවීමෙන් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත ඕනෑම පුරවැසියකුට භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන බව ද එම සංගමය පෙන්වාදෙයි.

මෙවැනි අවස්ථාවක හදිසි නීතිය පැනවීමට සාධාරණ හේතු ජනාධිපතිවරයා විසින් පැහැදිළි කළ යුතුයැයි ද එම නිවේදනයේ දැක්වේ.  

Related articles

Recent articles

spot_img