spot_img
spot_imgspot_img

“පාර්ලිමේන්තුව කෝලම් මඩුවක්. රටේ ප්‍රශ්නවලට විසඳුම් සොයන්න බෑ” – චම්පික

පුවත්

විදෙස්

පාර්ලිමේන්තුව දැන් කෝලම් මඩුවක් වෙලා. රටේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න බැරි තත්වයක් උදාවෙලා. ඒ නිසා පාර්ලිමේන්තුව කෙරෙහි තරුණ පරපුරේ තියෙන පිළිකුළ තවත් වැඩිවෙනවා” යැයි විපක්ෂ මන්ත්‍රී චම්පික පාඨලී රණවක කියා සිටියේය.

හෙතෙම මේ බව කියා සිටියේ 2016 වර්ෂයේ දී සිදුවූ රිය අනතුරක් සම්බන්ධ නඩු විභාගයට පෙනී සිට ආපපසු යන අතරතුර ඊයේ (06) මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

“දැන් පාර්ලිමේන්තුවේ තියෙන්නේ ඉතාමත් කණගාටුදායක තත්වයක්. අද රට බංකොලොත් වෙලා ඒ නිසා අද සියලු ජනතාව පාරට බැහැලා ජනාධිපතිට, අගමැතිට ගෙදර යන්න කියනවා. එවැනි තත්වයක් තුළ පාර්ලිමේන්තුව තවදුරටත් තමන්ගේ යුතුකම, වගකීම ඉටුකරන්නේ නැතිව නාඩගම් මඩුවක් බවට පත්වෙලා. මේ තත්වය ගැන මමත් මන්ත්‍රීවරයකු ලෙස ලැජ්ජාවට පත්වෙනවා. රාජපක්ෂලාට බහුතර බලය නැති බව පෙන්වන්න අපිට හොඳ අවස්ථාවක් තිබුණා. නමුත් ඒ අවස්ථාවත් යම් යම් කට්ටිවාදී වැඩ නිසා අහිමිවුණා. ඒ ගැන අතිශය කණගාටුයි.”

“අද මේ රටේ තරණයන් ගෙන යන මේ අරගලය ගැන ඇත්තටම සතුටුයි. ආණ්ඩුව ජනතාවට බංකර් හදන්න හැදුවට ඇත්තටම බංකර් අස්සේ හිරකාරයෝ බවට පත්වෙලා ඉන්නේ රාජපක්ෂ පවුල. මේ රට මංකොල්ල කෑ පවුලකට තවදුරටත් මේ රටේ පවුල් ලක්ෂ 55ක් යටපත් කරගෙන ඉන්න හැකියාවක් නෑ. ඒ වගේම විපක්ෂය ගැන විශ්වාසයක් තැබීමට නම් විශ්වාසභංගයක් ගෙනවිත් ආණ්ඩුව ඉවත් වෙන්න කියනවානම් ඒ වගකීම භාර ගැනීම සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් තිබිය යුතුයි. රාජපක්ෂවරු නැති ආණ්ඩුවක භාර අරගෙන කරන්න අපි සූදානම්.

“පොලිසිය අද අවභාවිතා වෙනවා. ඉදිරි පාලනයක දී එය නොවිය යුතු දෙයක්. පොලිසියත් යුද මුදාවවත් ප්‍රමුඛ ආරක්ෂ අංශයත් බුද්ධි අංශත් ස්වාධීන විය යුතුයි. මේ රටේ පොලිස් නිල ඇඳුමට ඇති ගෞරවය, ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට, යුද හමුදාවට ඇති ගෞරවය නැති වෙමින් යනවා. මේ අංශ ඉන්නේ විපක්ෂයට දඬුවම් කරන්න දඩයම් කරන්න, තරුණයෝ දඩයම් කරන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ පස්සේ පන්නන්න නෙවෙයි. ඒවා මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් කැපවෙන ආයතන බවට පත්විය යුතුයි. ස්වාධීන ආයතන විය යුතුයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!