spot_img
spot_imgspot_img

“පොලිසිය අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කරනවා” – විනිසුරු සේවා සංගමය

පුවත්

විදෙස්

කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාරගේ නිල නිවස පිහිටා ඇති පරිශ්‍රයට සපයා තිබූ පොලිස් ආරක්ෂාව නොදන්වා ඉවත්කිරීම සම්බන්ධනෙය් විනිසුරු සේවා සංගමය සිය අප්‍රසාදය සහ විරෝධය පොලිස්පතිවරයා වෙත ලිඛිතවව දැනුම් දී තිබේ.

එම සංගමයේ සභාපති නුගේගොඩ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් සහ ලේකම් පූගොඩ අතිරේක දිස්ත්‍රික් මහේස්ත්‍රාත් පසාන් අමරසේන දෙදෙනාගේ අත්සනින් යුතුව යවා ඇති එම ලිපියේ පිටපත් අධිකරණ සේවා කොමිසමට, මහාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සංගමයට සහ නීතිඥ සංගමයට යොමුකර තිබේ.

එහි දැක්වෙන්නේ ඊයේ උදෑසන තලංගම පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කඩුවෙළ මහේස්ත්‍රාත්තුමියගේ නිවස ඇයට නොදන්වා පරීක්ෂා කර ඇති අතර විනිශ්චයකාරවරුන්ට ආරක්ෂාව සැපයීමට පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියම කර තිබිය දී එම චක්‍රලේඛ උල්ලංඝනය කරමින් මෙලෙස ආරක්ෂාව ඉවත්කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට බාධාවක් බව ද එම සංගමය පවසයි.

තලංගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙම හැසිරීමට එරෙහිව දැඩි විනයානුකූළ ක්‍රියාමාර්ග ගෙන මින් ඉදිරියට මෙවැනි තත්වයක් ඇතිවීම වළැක්වීමට පියවර ගන්නා ලෙසත් විනිශ්චයකාරවරුන්ගේ සංගමය දන්වා සිටියි.

ස්වාධීන අධිකරණයක පැවැත්ම කෙරෙහි සෘජු ලෙස බලපාන මෙවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් නිසි පියවර ගෙන එමගින් ඇතිවිය හැකි බරපතල ප්‍රතිවිපාක වළක්වාගැනීම සඳහා පොලිස්පතිවරයා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගනු ඇතැයි ද එම සංගමය දන්වා ඇත.

එමෙන් ම, මෙම අපකීර්තිමත් හා වගකීම් විරහිත ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සංගමයක් ලෙස දැඩි අප්‍රසාදය පළකරන බව ද එම ලිපියේ දැක්වෙයි.

ඊයේ රාත්‍රී මහේස්ත්‍රාත්වරියගේ නිල නිවසට යළි ආරක්ෂාව ලබාදීමට පොලිසිය කටයුතු කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!