-4.8 C
New York

බද්දේගම පොහොට්ටු සභිකයෙක්, පිළිකා රෝගී පියාට සහ පුතුන් දෙදෙනාට පහර දෙයි

Published:

ආණ්ඩුවට විරුද්ධව කළු කොඩි එසවූයේ යැයි උරණ වූ බද්දේගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත රුවන් ප්‍රදීප් කුමාර පිළිකා රෝගී පියෙකුට සහ ඔහුගේ පුතුන් දෙදෙනාට අද (06) පහර දී ඇතැයි ‍වදුරඹ පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.

පහරකෑමට ලක්වූ පියා මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබයි.

මෙම පහරදීම සිදුව ඇත්තේ වදුරඹ මාඹොටුවන ප්‍රදේශයේ දී ය.

අද පැවැති හර්තාලය අතරතුර රුවන් ප්‍රදීප් කුමාර විසින් මෙම පහරදීම සිදුකර ඇති බවට CIB III-175/62 අංක යටතේ වදුරඹ පොලිසියට කරන ලද පැමිණිල්ලක සටහන් කර තිබේ.

Related articles

Recent articles

spot_img