-4.8 C
New York

අගමැති මහින්ද විපක්ෂයට එක්වීමේ සූදානමක්. සඳුදා අගමැතිකමට සමුදෙයි ?

Published:

අගමැති මහින්ද රාජපක්ෂ ලබන සඳුදා (09) ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

අද (06) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව අගමැතිවරයා ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

අගමැතිවරයා ඉල්ලා අස්වූ විට ‍සඳුදා සිට කැබිනට් මණ්ඩලය ද අහෝසි වෙයි. ඉන් පසු නව අග්‍රාමාත්‍යවරයකු ඇතුළු කැබිනට් මණ්ඩලයක් පත්කිරීමේ අවස්ථාව හිමිවෙයි.

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සහ ජනතාවගෙන් දිගින් දිගටම එල්ලවන දැඩි විරෝධය හමුවේ රටේ ස්ථාවරත්වය ආරක්ෂා කිරී‍ම බරපතල ගැටලුවක් බැවින් මෙවැනි තීරණ ගැනීමට සිදුවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

එහි දී අගමැතිවරයා කියා ඇත්තේ මේ පවතින අර්බුදයට විසඳුම තමා ඉල්ලා අස්වීම නම් ඒ සඳහා සූදානම් බවයි. අගමැති ධූරයෙන් ඉවත් වී විපක්ෂයට යාමට සූදානම් බව ද මහින්ද රාජපක්ෂ පවසා තිබේ.

Related articles

Recent articles

spot_img