spot_img
spot_imgspot_img

ඉරානයේ සෑම විනාඩි 5කට ම කොරෝනා මරණයක්

පුවත්

විදෙස්

ඉරානයේ මේ වනවිට කොරෝනා රෝගීන් 300ක් පමණ දිනකට මියයන බව සෞඛ්‍ය බලධාරීහු පවසති. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ සෑම විනාඩි පහකටම එක් පුද්ගලයෙකු මරණයට පත්වන බවයි.මේ වනවිට ඉරානයේ බොහෝ රෝහල්වල ධාරිතාවය ඉක්මවා ගොස් ඇති බැවින් තවදුරටත් රෝගීන් බාරගැනීම ගැටලවක් වී ඇති බව ද ඔවුහු පවසති.මැදපෙරදිග රටවල් අතරින් කොරෝනා වසංගතයේ වැඩිම බලපෑමට ලක්වූ රට වන්නේ ඉරානයයි. සෞඛ්‍ය නීතීන් අනුගමනය කිරීමට ඉරාන වැසියන් අපොහොසත් වුවහොත් මෙය දිනකට මරණ 600ක් දක්වා ඉහල යෑමට ඉඩ ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.මේ වනවිට ඉරානයේ කොරෝනා ආසාදිතයින් 568,896ක් වාර්තා වී ඇති අතර මරණ 32,616ක් සිදුවී තිබේ.කෙසේවුවද ඉරාන පාර්ලිමේන්තුවේ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් හෙලිවී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති වාර්තා වල සඳහන් ප්‍රමාණයට වඩා දෙගුණයක පමණ රෝගීන් සංඛ්‍යාවක් සිටින බවයි.ඔක්තෝබර් 03 වන දින සිට ටෙහෙරානයේ පාසැල්, පල්ලි, සාප්පු, ආපනශාලා සහ වෙනත් ආයතන වසා දමා ඇත.ඉරානයේ පළාත් 31න් 21කම කොරෝනා ව්‍යාප්තිය සම්බන්දව රතු නිවේදන නිකුත් කර තිබේ. සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ සමාජ දුරස්ථ භාවය තබාගැනීම වැනි සෞඛ්‍ය රීතීන් අනුගමන කිරීමට ඉරාන වැසියන් උනන්දු නොවන බවයි.ඉරානයට මේවනවිට පනවා ඇති ඇමරිකානු සම්බාධක හේතුවෙන් වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම ගැටලුසහගත වී ඇතැයි ද ඉරාන බලධාරීහු චෝදනා කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!