-4.8 C
New York

විශ්වාසභංගයේ දී රාජපක්ෂලා බේරාගන්න ස්වාධීන කණ්ඩායම සූදානමින්. ඡන්දය නොදී ඉන්න කොන්දේසි දමයි

Published:

ආණ්ඩුවේ දුර්දාන්ත ක්‍රියාවන් හේතුවෙන් තමන් ස්වාධීන වන බව කියා සිටි මෛත්‍රීපාල සිරි‍සේන, විමල් වීරවංශ, උදය ගම්මම්පිල, වීරසුමන වීරසිංහ ඇතුළු කණ්ඩායම විශ්වාසභංග යෝජනාව සඳහා සහාය වන්නේ කොන්දේසි දෙකකට එකඟවනනේ නම් යැයි සමගි ජන බලවේගයට අද (06) දැනුම් දී තිබේ. ‍

දේශපාලන විචාරකයන් පවසන්නේ ආණ්ඩුවේ ම කොටස්කරුවන් වූ මෙම ස්වාධීනයැයි පවසන කණ්ඩායම ආණ්ඩුව ආරක්ෂා කිරීමේ පිළිවෙතක් අනුගමනය කරන බැවින් මෙලෙස විශ්වාසභංගය පරාජය කර ආණ්ඩුව රැක ගැනීම සඳහා ව්‍යාජ කොන්දේසි ඉදිරිපත් කරන බවයි.

මේ මොහොතේ කළ යුතු හොඳම කාර්යය වන්නේ විශ්වාසභංගය ජයග්‍රහණය කරවා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉවත්කර සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත්කර ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ජනාධිපතිවරයාගේ ද බලතල සීමා කර නිශ්චිත කාලයක් රට පාලනය කිරීම බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

නමුත්, ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම එවැනි කාර්යයකට සූදානම් නැති බව ඔවුන් ඉදිරිපත් කර ඇති ලිපියෙන් තහවුරු වෙයි.

ඔවුන්, විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමෙන් පසු සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ වන්නේ ද නොඑසේ නම් සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවන්නේ ද යන්න සම්බන්ධව පැහැදිලි ප්‍රතිඥාවක් අවශ්‍ය යැයි ඔවුහු කියති.

එම කොන්දේසිවලට එකඟ වන්නේ නම් පමණක් තම කණ්ඩායම විශ්වාසභංග සඳහා සහාය ලබාදෙන බවද එම මන්ත්‍රී කණ්ඩායම දැනුම් දී ඇත.

මෛත්‍රිපාල සිරිසේන, වාසුදේව නානායක්කාර, අනුර ප්‍රියදර්ශන යාපා, විජයදාස රාජපක්ෂ ,විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු මන්ත්‍රී කණ්ඩායමේ නායකයන්ගේ අත්සනින් මෙම ලිපිය භාරදී ඇත.

එම ලිපිය සම්බන්ධයෙන් සිය ප්‍රතිචාරය ලබන සතිය තුළ ලබා දෙන්නැයි ද මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායකවරයගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ලිපිය පහතින්

Related articles

Recent articles

spot_img